ප්‍රමුඛ පුවත 1

පුහුණුව සඳහා නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ

(UTV| කොළඹ) – පසුගිය 20 වන දා රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගෙන් මෙතෙක් තම පත්වීම් භාර නොගත් සියලු දෙනාගේ පත්වීම් අවලංගු කිරීමට තීරණය කරයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පැවසුවේ ලබා දී තිබූ පත්වීම් භාර ගැනීමට දුන් කාලය මීට දින තුනකට පෙර අවසන් වූ බව ය.

කෙසේ වෙතත් සානුකම්පිතව සලකා බලා ඊයේ පස්වරුව දක්වා උපාධිධාරීන්ට ඒ සඳහා අවස්ථාව සලසා දුන් බව ඔහු පැවසුවේය.

පසුගිය 20 වන දා රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා රැකියා විරහිත උපාධිධාරීන් 4100ක් බඳවා ගැනිණි.

තමන්ට කඩිනමින් රාජ්‍ය සේවයේ රැකියා ලබා දෙන ලෙස රැකියා විරහිත උපාධිධාරීන් අවස්ථා කිහිපයකදීම රජයට බල කල අතර ඒ අනුව බඳවා ගැනෙන උපාධිධාරීන් සංඛ්‍යාව 15,000ක් වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

හානි වූ විදුලි මීටර්වලට නොමිලේ විදුලි මීටර්

Mohamed Dilsad

තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment