ප්‍රමුඛ පුවත 1

හානි වූ විදුලි මීටර්වලට නොමිලේ විදුලි මීටර්

(උදයම්,කොළඹ)  –  අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, කලුතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි විදුලි සැපයීම අඩාලවී ඇති අතර ඒ හේතුවෙන් ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇත.

මේ වන විට මාතර ග්‍රිඩ් උප විදුලිපොල ද ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ 136,000 ක ට පමණ විදුලිය සෑපයීම අත්හිටුවා තිබේ. මාතර නගරයට පමණක් ගාල්ලෙන් විදුලිය සැපයීමට ක්‍රියාකර ඇති අතර විදුලිය විසන්දි කර ඇති 136,000 ප්‍රමාණයෙන් 50,000 ට පමණ තංගල්ලෙන් විදුලිය ලබාදීමට කටයුතු කරමින් සිටි.

විදුලිය සැපයීම සඳහා මේගා වොට් 08ක ජංගම විදුලි ජනන යන්ත්‍ර යොදාගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටි. එමෙන්ම අදාළ නිවෙස්වල හානියට පත්වූ විදුලි පරිපථ පද්ධති ද විදුලිබල මණ්ඩලය විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව නොමිලයේ මීටර ලබාදීමට කටයුතු කරනු ලබයි.
ජලයෙන් යටවී ඇති විදුලි උපපොලවල් ආසන්නයේ බෝට්ටු පැදීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් පාලමක්

Mohamed Dilsad

රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment