ක්‍රීඩා

SLC T-20 තරගාවලියේ පෙරමුණට ආ කොළඹ කණ්ඩායම

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි – 20 ලීග් තරගාවලියේ තරග 08 ක් අවසන ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන කොළඹ කණ්ඩායම සමත්වී තිබේ.

එම කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග හතරම ජය ලබා ගෙන ප්‍රසාද ලකුණ 08 ක් ලබා සිටියි.

තරග 03 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 06 ක් ලබා සිටින දඹුල්ල කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථනයේ පසුවන අතර එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 02 ක් ලබා සිටින ගාල්ල කණ්ඩායම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායමට මෙතෙක් පැවැති එක් තරගයක් හෝ ජය ගැනිමට සමත්ව නොමැත.

මෙතෙක් පැවැති තරග 04 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 302 ක් ලබා සිටින කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර තරග 4 කදී කඩුලු 9 ක් දවාගෙන සිටින කොළඹ කණ්ඩායමේ අකිල ධනංජය වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි.

තරගාවලියේ තවත් තරග 04 ක් හෙට (29 ) සහ අනිද්දා (30 ) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිමුත් කරුණාරත්න සිව්දින හා එක්දින තරඟාවලියට එක්වෙයි..

Mohamed Dilsad

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

වනිදු හසරංගට ඉන්දීය තරග සංචාරය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment