ප්‍රමුඛ පුවත 1

සැප්තැම්බර් 15 වැනිදා බස් වර්ජනයක්ද?

(UTV| කොළඹ) – ඉහළ දැමූ රථවාහන දඩ මුදල් පහළ දමන ලෙසට ආණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති හෙයින් සැප්තැම්බර්15 වැනිදා සිට තම සංගමයට අයත් බස් රථ සේවයෙන් ඉවත් කරගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු තවත් ගැටලු ගණනාවක් මූලික කරගනිමින් බස්රථ සේවකයන්ද මෙදින සිට සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද එ මහතා පැවසීය.

ඉහළ දැමූ දඩ මුදල් පහළ දැමීමට ආණ්ඩුවට දින 14 ක කාලයක් තිබෙන බවත්, එම කාලය තුළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

15 වැනිදා පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට අනෙකුත් බස් සංගම් කිහිපයක් එකතු කරගැනීම සඳහා මේ සතිය තුළ සාකච්ඡා ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක්

Mohamed Dilsad

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පෙ.ව.10.00ට ඉවත් කෙරේ

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ වාර්තාවේ අඩංගු කරුණු ජනපති, නීතිපතිවරයා සමග සාකච්ඡාවට සුදානම්

Mohamed Dilsad

Leave a Comment