ප්‍රමුඛ පුවත 1

ඔක්තෝබර් 30ට පෙර ජනපති ඉල්ලන, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා..

(UTV| කොළඹ) – රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේය.

ජනපතිවරයා ඊයේ (27) මේ බව දැනුම් දුන්නේ රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම හමුවේයි.

ඒ තුළින් ඉදිරි අයවැය යෝජනා සම්පාදනයේදී මග පෙන්වීමක් ලබාගත හැකි බවත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට විධිමත් ක‍්‍රමවේදයක් හරහා සුදුසු නිර්දේශයන් කොමිසම මගින් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ හා විධිවිධාන සම්බන්ධයෙන් හා රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ඇති ගැටලු හා විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත් කළ අදාළ ජනාධිපති කොමිසම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පළමු වරට රැස්‌වූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා ඒ බව දන්වා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LTTE සංවිධානයේ භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත් – මෛත්‍රීපාල අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

විදේශගත වී සිට පැමිණෙන ඡන්ද හිමියන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment