ක්‍රීඩා

කෝලි ඇතුළු ක්‍රීඩකයින් ආසියානු කුසලානයට නොඑන හේතුව

(UTV|ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් වන නායක විරාත් කෝලී, ආරම්භ ක පිතිකරු ශිකර් ධවාන් හා තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩියාව ලබන මස ආරම්භ විමට නියමීත ආසියානු කුසලානයේදි විවේක ගැන්විම සඳහා ඉන්දීය තෙරිම් කමීටු අවධානය යොමුව ඇතිබව ඉන්දීය ක්‍රීඩා වාර්තා පවසයි.

පසුගියදා පැවති 2018 අයි.පී.එල් තරගාවලියේ සිට මෙ වන විට පැවැත්වෙන එංගලන්ත සංචාරය දක්වා නොකඩවා ක්‍රීඩා කිරිම හෙයින් මෙම ක්‍රීකයින්ට විවේකයක් දිය යුතු බවට තෙරිම් කමීටුවේ අවධානය යොමුව ඇති බව පැවසේ.

2019 වසරේ මැයි මාසයේ එංගලන්තයේදි ආරම්භ වන අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගවලියට මොවුන්ව සුදානම් කිරිමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගැනිම පිළිබඳව අවධානය යොමු කර ඇති බව කියැවෙයි.

අසියානු කුසලානයෙන් පසුව ලෝක කුසලානයෙන් පසුව ඉන්දීයාවට ඔස්ට්‍රේලියා හා නවසීලන්තයේ සංචාර නියමීත බැවින් එම සංචාර වලට මෙම ක්‍රීඩකයින් ක්‍රීඩා කිරිම සඳහා යහපත් සෞඛ්‍ය තත්වයෙන් තබා ගැනිමට මෙසේ තෙරිම් කමීටුවේ කතාබහට ලක්ව ඇති බවත් පැවසේ.

එංගලන්තයේ පවතින තණතිලිවලට සමාන තණතිලි සහිත ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ක්‍රීඩා කිරිම අසියානු කුසලානයේ මෙම ක්‍රීඩකයින් ක්‍රීඩා කිරිමට වඩා යෝග්‍ය බව ඉන්දීය තෙරිම් කමීටු සමාජීකයින් බහුතරයකගේ මතය වි ඇති බවත් වැඩිදුරටත් කියැවෙයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ විමට නියමීත අසියානු කුසලානය සඳහා කොලි,පාණ්ඩියා හා ධවාන් සහභාගි නොකිරිමට ඉන්දිය ක්‍රීකට් තෙරිම් කමීටුව අවධානයෙන් පසුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංගක්කාර පකිස්තාන සංචාරයකට එක්වීමට සුදානම්

Mohamed Dilsad

අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක්

Mohamed Dilsad

ICC කාන්තා ලෝක ශූරතා පුහුණු තරඟයක්

Mohamed Dilsad

Leave a Comment