ප්‍රමුඛ පුවත 1

“එක් තීරුවක් – එක් මාවතක්”ව්‍යාපෘතිය ණය උගුලක් නොවේ.චීනය කියයි

(UTV|චීනය) – පෙර අපර දෙදිග යා කෙරෙන ඉපැරණි සේද මාර්ගය නැවත පණ ගන්වන “එක් තීරුවක් – එක් මාවතක්” යෝධ ව්‍යාපෘතිය ණය උගුලක් නොවන බව චීනය අවධාරණය කරයි.

ඊයේ(28) බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීනයේ ජාතික සංවර්ධන ප්‍රතිසංස්කරණ කොමිසමේ නියෝජ්‍ය සභාපති නින් ජිෂේ මේ බව පැවසීය.

ගොඩනගන චීනයේ නූතන සේද මාර්ගයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක් පමණ එක්ව සිටියි.

මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ බොහෝ රටවල් ණය බරින් පෙළීම පිළිබඳව බටහිර ආර්ථික විශ්ලේෂකයන්ගේ විවේචනයට ලක්වේ.

විශේෂයෙන් ෆෝබ්ස් සඟරාව පෙන්වා දුන්නේ  අදාළ රටවල් ණය උගුලකට හසු කර ගැනීමට චීනය කටයුතු කරන බවයි.

නමුත්, මෙම රටවල් සිය ව්‍යාපෘතිය ඇරඹීමට පෙරම ණය බරින් පෙළුණු රටවල් බව චීනය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විගණන පනත ව්‍යවස්ථානුකූලයි – කථානායක කියයි

Mohamed Dilsad

රුපියලේ අගය 181 සීමාව පසුකරයි

Mohamed Dilsad

එක්සත් ජනතා නිදහස් සන්ධානය තව කල් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment