ක්‍රීඩා

එංගලන්ත ප්‍රේක්ෂකයන්ගෙන් ශ්‍රී ලංකා ප්‍රවේශපතට අප්‍රසාදය

UTV | COLOMBO – ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විදේශිකයන් සඳහා වන ප්‍රවේශපත් මිල අධික බව එංගලන්ත ක්‍රිකට් රසිකයන්ගේ සංගමය සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

එම තරගාවලිය නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටින එරට ක්‍රීඩාලෝලීන් ප්‍රෙව්ශ පත් මිලදී ගත්තද එම ප්‍රවේශපත් වල මිල ගණන් අසාධාරණ ලෙස වැඩි කර ඇති බව එමගින් අවධාරණය කර තිබේ..

එහිදී එංගලන්ත ක්‍රිකට් රසිකයන්ගේ සංගමය හෙවත් බාර්මි ආර්මි සංගමය සිය නිලට්විටර් ගිණුමේද සටහනක් තබමින් පසුගියදා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට දිනක් සදහා ප්‍රවේශපතක මිල ස්‍ටර්ලිං පවුම් 1.4ක් පමණක් වන විට විදේශිය ක්‍රීඩාලෝලීන් සදහා ප්‍රවේශපතක මිල ස්ටර්ලිං පවුම් 50 ක් පමණ වන බවය.

Related posts

ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

වනිඳු හසරංගට කොවිඩ්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..

Mohamed Dilsad

Leave a Comment