ක්‍රීඩා

චානකගේ වාර්තාව මොහොමඩ් ඉර්ෆාන් සියතට ගනියි

UTV | COLOMBO – විස්‌සයි-20 පළමු පෙළ තරග ඉතිහාසයේ පන්දු යවන්නකු යවන ලද හොඳම නිලකුණු පන්දු සංඛ්‍යාව (පන්දුවාර) යවමින් නව ලෝක වාර්තාවක්‌ පිහිටුවීමට පාකිස්‌තාන් ක්‍රීඩකයක මොහොමඩ් ඉර්ෆාන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදි සමත් විය.

ඒ අනුව බාබේඩෝස්‌ ටිනිනෑඩ් කණ්ඩායම නියෝජනය ඔහු ශාන්ත කිට්‌ස්‌ කණ්ඩායමට එරෙහිව සිය පන්දුවාර හතර නිලකුණු ඕවර තුනක්‌ සමගින් යවමීන් අතර ලකුණු එකකට කඩුලු දෙකක්‌ (4-3-1-2) දවා ගනිමීන් එම වාර්තා පිහිටුවීය.

මීන් පෙර දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් හා ශ්‍රී ලංකාවේ චානක වෙලගෙදර මෙම වාර්තාවට සම හිමීකම් කීමට සමත්ව සිටියේය.

චානක වෙලගෙදර ටැමීල් යුනින්යන් කණ්ඩායමට එරෙහිව 2015 දී පන්දුවාර 04 ක් යවා ලකුණූ 02 ක් පමණක් ලබා දී කඩුළු 04 ක් දවා ගනිමීන් මෙම දක්ෂතාවය දැක්විමට සමත්ව සිටියේය.

Related posts

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

විස්සයි විස්ස ක්‍රිකට් කිරුළේ පළමු අවසන් පූර්ව තරඟය අද

Mohamed Dilsad

අශ්වින් IPL හැර යයි

Mohamed Dilsad

Leave a Comment