කලා

බොලිවුඩයේ සුපිරි වැඩකරු සියදිවි හානිකරගනී – (ඡායාරූප)

UTV | COLOMBO – බොලිවුඩයේ ජනප්‍රිය සහ දක්ෂ නර්ථන ශිල්පියෙකු වන අභීජීට් ෂේන්ඩි සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ ඊයේ (23) උදෑසන මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

අභීජීට් සිය නිවසේ විදුලිපංකාවක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

32 හැවිරිදි වියේ පසුවූ මොහු සිය දිවි හානිකර ගැනීමට පෙර ලිපියක්ද ලියා ඇති අතර දියණියගේ නමට සිය බැංකු ගිණුම් සියල්ල හරවන ලෙසට එහි දන්වා තිබූ බව සඳහන්.

අජේ දේව්ගන්, රන්බීර් කපූර්, රන්වීර් සිං වැනි බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පින් සමඟ එක්ව අභීජීට් ෂේන්ඩි සිය කලා කටයුතුවල නියැලී තිබෙනවා.

මානසික ආතතිය හේතුවෙන් මොහු මෙලෙස සිය දිවි හානිකරගන්නට ඇති බවට සැක කෙරෙන අතර ඉන්දීය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Related posts

ජෝන් ඒබ්‍ර්හිම් හා ආදිත්‍ය රෝයි ‘ඒක් විලන්’ දෙවැන්නට

Mohamed Dilsad

හොලිවුඩයට අභියෝග කරන මරාති සිනමාපටයක්

Mohamed Dilsad

ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment