ප්‍රමුඛ පුවත 1

හික්කඩුවේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සොයා පරීක්‍ෂණ

(UTV| කොළඹ) –  ධීවර යාත්‍රාවක් හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ.

එය අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවරයින් 11 දෙනෙකු සමඟ පිටව ගිය යාත්‍රාවක් බවද සඳහන්ය.

ඊයේ(19) පෙරවරුවේ ගමන් ආරම්භ කළ මෙම ධීවර යාත්‍රාව දිය රළකට හසුවී අනතුරට ලක්ව ඇති බව නාවික හමුදාව පවසයි.

එම යාත්‍රාවේ සිටි ධීවරයන් ඊයේ පස්වරුවේ තම ඥාතීන්ට ජංගම දුරකථනයෙන් අමතා ඔවුන් අනතුරට ලක්ව ඇති බවට දැනුම්දී ඇත.

නමුත් ඊයේ රාත්‍රි 9 න් පසු මොවුන් සමඟ පැවති දුරකථන සම්බන්ධතා බිඳවැටී තිබේ.

ඒ අනුව එම යාත්‍රාව සොයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඊට ගුවන් හමුදාවෙන් ද සහය ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දානන්දගේ නඩුව ජනවාරියට කල් යයි

Mohamed Dilsad

උග්‍ර වල් නාශක පැකට් 4205 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආණ්ඩුවේ වැරදි සජිත් මහතාගේ පිටින් ගියා – හරීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment