ප්‍රමුඛ පුවත 1

වැලිකඩ බන්ධනගාර රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ

(UTV| කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී ආරම්භ කර ඇති විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තාවේ.

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඊයේ උදෑසන ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළ අතර, එම රැඳවියෝ වරින් වර වහලය මත නැගී සිය විරෝධය පළ කළහ.

මේ අතර පස්වරුවේ විරෝධතාවයේ නිරත රැඳවියන් අතර හට ගත් ගැටුමක් හේතුවෙන් රැඳවියන් සිව් දෙනෙකු රෝහල් ගත කෙරුණි.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු කාන්තා රැඳවියන් 4 දෙනා තවදුරටත් ප්‍රතිකාර ලබයි.

විරෝධතාව සම්බන්ධයෙන් රැඳවියන් අතර ඇති වූ මතභේදයක් මෙම ගැටුමට හේතුවූ බවද වාර්තා වේ.

මේ අතර, ඊයේ රාත්‍රියේ සිට වැලිකඩ බන්ධනාගාරයට බොරැල්ල පොලීසිය මගින් විශේෂ ආරක්ෂාවක් ද ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අමෙරිකානු, ජපාන තානාපතිවරුන් හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා [VIDEO]

Mohamed Dilsad

නිශාන්ත සිල්වා රටින් පිටවීමට එරෙහිව CIDයෙන් වාර්තාවක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment