ප්‍රමුඛ පුවත 1

වැසි තත්ත්වය වැඩි වන ලකුණු

(UTV| කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ හා සුළං වේගයේ වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව පළාත්වල හා කළුතර දිස්ත්‍රිකයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවු වැසිද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ඉක්මවු වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම සබරගමුව. දකුණ , වයඹ , උතුරමැද හා ඌව පළාත්වලට විටින් විට පැයට කිලෝමිටර් 50 ඉක්මවූ සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරණය හේතුවෙන් අතිරේක බස් සේවාවක්

Mohamed Dilsad

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

Leave a Comment