ප්‍රමුඛ පුවත 1

අතුරුදන් වුවන් සොයා කටුකුරුන්ද මුහුදේ තවදුරටත් මෙහෙයුම්

කළුතර, කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේ සිදුවූ බෝට්ටු අනතුරෙන් අතුරුදන්වූවන් සොයා අද උදෑසන සිට යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඊයේ රාත්‍රීයේ අතුරුදන් වුවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දැමු බවය.

නමුත් ඕනෑම අවශ්‍යතාවකදී අවශ්‍ය නිළධාරින් යෙදවීමට සූදානමින් තැබූ බව ද නාවික හමුදාව සඳහන් කළේය.

බේරුවල ,ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව සුරුවමක් රැගෙන බෝට්ටු පෙරහරක් ගමන් කරන අවස්ථාවේදී කටුකුරුන්ද මුහුදේදී සිදුවූ යාත්‍රා අනතුරෙන් මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර බේරාගැනුණු තවත් පුද්ගලයින් 32 දෙනෙකු ප්‍රතිකාර සඳහා බේරුවල සහ කළුතර, නාගොඩ යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබයි.

Related posts

අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් වෙයි

Mohamed Dilsad

ප්‍රථම වරට සංචාරක හිතකාමී ටුක් ටුක් සේවාව අරම්භ වෙයි

Mohamed Dilsad

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

Mohamed Dilsad

Leave a Comment