ප්‍රමුඛ පුවත 1

අතුරුදන් වුවන් සොයා කටුකුරුන්ද මුහුදේ තවදුරටත් මෙහෙයුම්

කළුතර, කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේ සිදුවූ බෝට්ටු අනතුරෙන් අතුරුදන්වූවන් සොයා අද උදෑසන සිට යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඊයේ රාත්‍රීයේ අතුරුදන් වුවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දැමු බවය.

නමුත් ඕනෑම අවශ්‍යතාවකදී අවශ්‍ය නිළධාරින් යෙදවීමට සූදානමින් තැබූ බව ද නාවික හමුදාව සඳහන් කළේය.

බේරුවල ,ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව සුරුවමක් රැගෙන බෝට්ටු පෙරහරක් ගමන් කරන අවස්ථාවේදී කටුකුරුන්ද මුහුදේදී සිදුවූ යාත්‍රා අනතුරෙන් මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර බේරාගැනුණු තවත් පුද්ගලයින් 32 දෙනෙකු ප්‍රතිකාර සඳහා බේරුවල සහ කළුතර, නාගොඩ යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබයි.

Related posts

තම දියණියට වස පෙවූ පියෙකු සිය දිවි හානි කර ගනී

Mohamed Dilsad

මැලේසියානු ගුවන්යානයක කලහකාරී ලෙස හසිරුනු ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට(වීඩියෝව)

Mohamed Dilsad

කොළඹ වායු දූෂණ තත්ත්වය ලබන සතියේ දී ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment