විදෙස්

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් යලිත් සම්බාධක

(UTV|ඇමෙරිකාව) – ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහිව ඇමෙරිකානු සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ අනුව ඉරානයේ වාහන කර්මාන්තය, රත්‍රං සහ අනෙකුත් ප්‍රධාන ලෝහ කර්මාන්තය ඉලක්ක කර පැනවෙන ඇමෙරිකානු සම්බාධක අද සිට ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

ඉරානය ආර්ථික පීඩනයට ලක් කිරීම තුළින් නව එකඟතාවක් ඇති කර ගැනීමට මෙන්ම අහිතකර ක්‍රියාකාරකම් අවසන් කිරීමට හැකිවන බව ජනපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙය මනෝමය යුද්ධයක් බව අමෙරිකාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති හසන් රුහානී පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් -19 වලට සාර්ථක එන්නතක්

Mohamed Dilsad

රටවල් 75ක මන්කිපොක්ස් පැතිරෙයි

Mohamed Dilsad

දුවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 100ට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment