විදෙස්

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 91 දෙනෙකු මරුට

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීහු පවසති.

පස් වනදා පස්වරුවේ හට ගත් එම භූ චලනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 7ක් ලෙසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙහිදී 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවී ඇත්තේ ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලිනි.

සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන බාලි දූපතට ද මෙහි  බලපෑම එල්ලවුණි.

කෙසේ වෙතත්ලොම්බොක් දිවයිනේ පුද්ගලයන් රැසක් සිය උන්හිටි තැන් අතහැර ආරක්ෂිත ස්ථාන කරා දිවගිය බව ඉන්දුනීසියා ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ ය.

බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ, සුන්බුන්වලට යටවීන නිසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලන්ඩනයේ තිබී හමුවූ මළ සිරුරු 39 ඉවත් කරයි

Mohamed Dilsad

ගිනි රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවකින් 17ක් මරුට

Mohamed Dilsad

මෙල්බර්න් නුවර තවදුරටත් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment