ප්‍රමුඛ පුවත 1

විපක්‍ෂ නායක ගැන තීන්දුව අද

(UTV| කොළඹ) – විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව අද (06) පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත පැවසුවේ විපක්ෂ නායක ධුරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධනගේ සහ කුමාර වෙල්ගමගේ නම් යෝජනා කළ ලිපි දෙකක් තමන්ට ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට කථානායකවරයා හෙට (07) දිනයේ කටයුතු නොකළහොත් පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව විරෝධතාවයේ නිරතවන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේ

Mohamed Dilsad

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

Mohamed Dilsad

Leave a Comment