ප්‍රමුඛ පුවත 1

වාලම්පුරියක් රුපියල් කෝටියකට විකිණීමට උත්සහ දැරූ 4ක් අත්අඩංගුවේ

(UTV|ත්‍රිකුණාමලය) – අගල් 15 ක් පමණ දිගැති, වාලම්පුරියක් රුපියල් කෝටියකට විකිණීමට තැත් කළ පුද්ගලයන් හතර දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනී.

ඒ ත්‍රිකුණාමලය 22 වන සේනාංක බලකා මූලස්ථාන මාර්ගයේදී ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 57 ක්, 43 ක්, 27 ක් සහ 60 ක් වන සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියකි.

චීන වරාය සහ මූතූර් ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් ඊයේ පස්වරුවේ වෑන් රථයකින් පැමිණ මෙම වාලම්පුරිය විකිණීමට උත්සාහ කර ඇති අතර, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ සියළුම සුරාසැල් නත්තල් දින වැසේ

Mohamed Dilsad

ජනපති මෛත්‍රී හෙට සිංගප්පුරුවට

Mohamed Dilsad

ඇතැම් රටවල උගුලක් බවට ශ්‍රී ලංකාව පත්වෙනවා – දුමින්ද [VIDEO]

Mohamed Dilsad

Leave a Comment