ප්‍රමුඛ පුවත 1

බදු වැඩි කල රජය ජනතා නියෝජිතයින්ගේ වැටුප දෙගුණ කිරීමට සුදානම්

(UTV| කොළඹ) – මෙම මාසයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමත්‍යවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව සුදානම් වන බව වාර්තාවේ.

ඒ වසර 2006 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි වී නොමැති වීම හේතුවෙනි.

මේ වන විට මන්ත‍්‍රීවරයෙකු රුපියල් පනස්හතර දහස් දෙසිය අසුපහක වැටුපක් ලබන අතර එය රුපියල් එක් ලක්ෂ විසි දහස දක්වා දෙගුණයකින් වැඩිකිරීමට නියමිතය.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් හට තුන්ක දහස් පන්සීයක වැටුපක් මේ වනවිට හිමි වේ. එය රුපියල් එක් ලක්ෂ තිස් පන්දහස දක්වා වැඩි කිරීමට නියමිතව ඇත.

ඇමතිවරයෙකුට සහ රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට රුපියල් හැට පන් දහසක වැටුපක් හිමිවේ. එය වැඩි වන්නේ රුපියල් එක් ලක්ෂ හතලිස්ද දහස දක්වාය.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද, දුරකතන දීමනාව ලෙස රුපියල් 50,000ක්ද, රුපියල් 10,000ක ප‍්‍රවාහන දීමනාවක් ද  හිමි වෙයි. අවමය රුපියල් 30,000ක් වන, දුර ප‍්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත‍්‍රීවරයෙකුට හිමි වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අමාත්‍යවරුන්

Mohamed Dilsad

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

Mohamed Dilsad

අඹු-සැමි ගැටුමකින් බිරිඳ මරුට

Mohamed Dilsad

Leave a Comment