ප්‍රමුඛ පුවත 1

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් අද දිවයිනට

(UTV| කොළඹ) – පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද(01) දිවයිනට පැමිණීමට නියමිත ය.

සිව් දින නිල සංචාරයක් සඳහාය.

2016 වසරේ අප්‍රේල් මස මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඇය මෙරට සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මහ ලේකම්වරිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් අතර වෙළෙඳාම වැඩි දියුණු කිරීම හා ලන්ඩනයේදී පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේහිලා සහයෝගීතාව වර්ධනය කර ගැනීම මහ ලේකම්වරියගේ එම හමුවීම්වල අරමුණ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 6 ක් ධාවනයේ

Mohamed Dilsad

බොරැල්ල කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද සිට දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

2018 සොයා ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය

Mohamed Dilsad

Leave a Comment