ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ කොළඹ මාර්ග කීපයක රථ වාහන ධාවනයට බාධා එල්ල වන ලකුණු

(උදයම්,කොළඹ)  – අද පස්වරුවේ ගාලු පාර / නුවර පාර / හයිලෙවල් පාර සහ මීගමුව යන මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසයි.
සරසවි සිසුන් වාහන පෙළපාලි කිහිපයකින් කොළඹ නගරයට පැමිණීමට නියමිතවීම හේතුව දහවල් 12 සිට පස්වරු 3 පමණ දක්වා කාලය
තුල මෙම මාර්ග වල රථ වාහන තදබදයක් ඇතිවිය හැක.
එබැවින් එම කාල සීමාවන්වලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
පස්වරු 3 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාකරුවන් රැස්වීමට නියමිතය.
මේ නිසා කොටුව / ඕල්කට් මාවත / ලෝටස් පාර / මරදාන පාර සහ අලුත්කඩේ ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වීමට වැඩි ඉඩකඩක් තිබේ.
ඒ හේතුවෙන් ජනතාව සහ රියදුරන්  හැකිතාක් විකල්ප මාර්ග භාවිත කර රථ වාහන තදබදය අවම කිරීමට සහය වන ලෙසට ද පොලිසිය ඉල්ලා සිටියි.

Related posts

යෝෂිතට නඩු පැවරීමේ සූදානමක්

Mohamed Dilsad

විල්පත්තුව වනාන්තර විනාශ වුයේ මුස්ලිම් ජනතාව නිසා නොවන බව පරිසරවේදීන් පවසයි

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ – මුදල් ඇමති

Mohamed Dilsad

Leave a Comment