ප්‍රමුඛ පුවත 1

“මහා සූපවංශය” ඉංගී‍්‍රසි පරිවර්තනය එළිදැක්වීම ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – දෙස් විදෙස් සුපතළ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචිත “මහා සූපවංශය” කෘතියේ ඉංගී‍්‍රසි පරිවර්තනය එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ කොළඹ දී සිදු විය.

එහි පළමු පිටපත ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

වසර 61 ක සිය අත්දැකීම් සහ සුප ශාස්ත‍්‍රය තුළ සිදුකරන ලද පර්යේෂණ ආශ‍්‍රයෙන් සම්පාදනය කර තිබෙන මෙම කෘතිය සිංහල බසින් ජනගත කිරීම 2017 අපේ‍්‍රල් 24 වනදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වටිනා ග‍්‍රන්ථය ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කර ඒ හරහා දේශීය ආහාර වට්ටෝරු ජාත්‍යන්තර වෙත ගෙනයාමට එහිදී ජනාධිපතිතුමා පබිලිස් සිල්වා මහතා වෙත කළ අරාධනය අනුව මෙම කෘතිය ඉංගී‍්‍රසි භාෂාවෙන් පළ කිරීමට පියවර ගැනුණු අතර ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඒ සඳහා අවශ්‍ය අනුග‍්‍රහය ද ලබා දෙන ලදී.

අද පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අභිමානවත් ඉතිහාසයකට හා මහා සංස්කෘතියකට උරුමකම් කියන විශිෂ්ට ජාතියක් වූ අප එම අතීත දායාදයන් තව තවත් පුබුදු කරමින් අපේ මාතෘභූමියේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරයට හඳුන්වාදීමට කටයුතු කළයුතු බවයි.

ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ මහා සූපවංශය ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කිරීම තුළින් අපේ රටේ ඉතිහාසය සහ මහා සංස්කෘතිය ජාත්‍යන්තරය විසින් තව තවත් හඳුනාගනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

හුණුපිටිය, ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර නායක ස්වාමින් වහන්සේ ද, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්.

Mohamed Dilsad

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද

Mohamed Dilsad

Leave a Comment