ප්‍රමුඛ පුවත 1

උඩුවේ ධම්මාලෝක හිමි කටුනායකදී හරවා එවයි

(UTV| කොළඹ) – ලන්ඩන් නුවර බලා වැඩම කිරීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ආගමන විගමන නිලධාරීන් විසින් හරවා යවා තිබේ.

උන්වහන්සේ සඳහන් කළේ තමන් වහන්සේ මූලික පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ඕමාන් එයාර් ගුවන් සමාගමට අයත් යානයට නැගි අවස්ථාවේදී මෙලෙස ආගමන විගමන නිලධාරීන් යානයෙන් බසින ලෙසට දැනුම්දුන් බවයි.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියට අදාල නඩුවකට ඇප මත සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගමන් තහනමක් ඇති බැවින් මෙලෙස උන්වහන්සේ හරවා යැවීමට සිදුවූ  බව ආගමන විගමන නිලධාරීහු පවසති.

නමුත් උන්වහන්සේ කරනු ලැබූ ඉල්ලීමකට අනුව අගෝස්තු මස 26 වනදා සිට ඔක්තෝම්බර් මස 12 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි එම තහනම පසුගියදා අධිකරණය තාවකාලිකව ඉවත්කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මින්නේරියේදී බස් රථ දෙකක් අනතුරට.රියදුරෙක් මරුට.42 ක් රෝහලේ

Mohamed Dilsad

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 දා අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින සැමරුම් පණිවිඩය.

Mohamed Dilsad

Leave a Comment