ප්‍රමුඛ පුවත 1

LTTE යට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ මැලේසියානු දේශාපලනඥයෙකු ගැන පරීක්ෂණ

(UTV|මැලේසියාව) – මෙරට පැවති යුද සමයේදී LTTE සංවිධානය සමඟ ගණුදෙනු කළ බවට චෝදනා කෙරෙන මැලේසියානු දේශාපලනඥයෙකු පිළිබඳව එරට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කරයි.

ඒ ඔහුට එරෙහිව පැමිණිලි රැසක් ලැබීමෙන් අනතුරුව බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මැලේසියාවේ පෙනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහඇමති පී.රාමසාමි වෙත මෙලෙස චෝදනා එල්ල වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ක්වාලාලම්පූර් නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මැලේසියානු පොලිස්පති මොහොමඩ් ෆවුසි හරූන් ප්‍රකාශ කලේ රාමසාමිට එරෙහිව පැමිණිලි 53 ක් විවිධ පුද්ගලයන් ගොනුකර ඇති බවයි.

මැලේසියානු නිව් ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කරන පරිදි 69 හැවිරිදි නියෝජ්‍ය මහඇමතිවරයාගෙන් මැලේසියානු පොලීසිය මේ සතිය මුලදී ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබෙනවා.

නමුත්, තමා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු නොවන බවත්, මැලේසියානු පුරවැසියෙකු බවත්, පී.රාමසාමි මාධ්‍ය වෙත පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ අලුත්කඩේ අධිකරණය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

වාස් ඇතුළු පිරිසගේ මරණීය දණ්ඩනයට එරෙහි අභියාචනයට දින නියම කරයි..

Mohamed Dilsad

තංගල්ල ඇතුළු ප්‍රදේශ කීපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment