ප්‍රමුඛ පුවත 1

කොළඹ අලුත්කඩේ අධිකරණය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වනවිට අබලන් තත්වයට පත්වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියසට නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වනවිට වෙන් කර ඇති බවත්, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ නිවේදනය කර සිටියි.

ඒ අනුව පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, විනිසුරුවරුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරිමට නියමිතයි.

රුපියල් ඩොලර් මිලියන 94.55 ක මුදලක් අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට වෙන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

Mohamed Dilsad

රවීට සහ මංගලට අගමැතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment