ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන් පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව අගෝස්තු 08

(UTV| කොළඹ) – ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසාත්මක අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් නීතිපතිවරයා මාර්ගයෙන් ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන තීන්දුව අගෝස්තු මස 08 වැනි දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (18) නිවේදනය කර සිටියේය.

ඉකුත් 2016 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණයට අපහාස කළේ යැයි ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබු මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් විභාග කෙරුණී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදත් වැඩ වර්ජනයේ

Mohamed Dilsad

හලාවත අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් මුදල් සොරකම් කරයි

Mohamed Dilsad

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment