ප්‍රමුඛ පුවත 1

නව සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙකු වෙත නිල ලාංඡන පළඳවයි

(UTV|මුලතිව්) – මුලතිව්,නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා අංක – 5 සාර්ථකව හැදෑරු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.

සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ දී දින 90 ක් පුරා පැවැති මෙම පාඨමාලාව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදුන් ඉතා වෙහෙසකර පුහුණුවක් වූ අතර, එහිදි මූලික කිමිදුම් පාඨමාලාව හැදැරූ දක්‍ෂ කිමිදුම්කරුවෙකුවීමට අවශ්‍ය කිමිදුම් ක්‍රමෝපායන්, ආරක්‍ෂිත ඉරියව් ආදිය මෙම පාඨමාලාව තුළින් පුහුණුව හැදැරූවන් හට අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාවිය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලා අංක -5 හි සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය පිරිනමනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

විද්‍යා පීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ.

Mohamed Dilsad

අක්ෂි කාච මිල අඩු කිරීමේ ලාභය ජනතාවට නොලැබීම ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment