ප්‍රමුඛ පුවත 1

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය අද යාපනයේ දී රැස්වේ

(UTV|යාපනය) – අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම අද (14) යාපනය දිස්ත්‍රික්කයේ දී සහ  ජූලි මස 15 වෙනි දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දී දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජනතාව සමග මෙම සංවාද වැඩ පිළිවෙල මන්නාරම, මාතර, මුලතිවු සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් මැයි මාසයේ දී දියත් කරන ලදී. කොමසාරිස්වරුන් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, අතුරුදහන් වූවන් පිලිබඳ කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරින් මෙන්ම, ජනමාධ්‍ය සමග ඉදිරි සැලසුම් සහ ක්‍රමවේදයන් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමත් ඒ සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමක් ද අපේක්ෂා කෙරේ.

එමදිනවල වැඩ සටහන මෙසේය:

යාපනය
දිනය : 14. 07. 2018
ස්ථානය : වීරසිංකම් ශාලාව
පෙ.ව. 09:00 – පෙ.ව. 10.30: ඩෙල්ෆ්ට්,කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්, යාපනය, නල්ලූර්,
උඩුවිල්, චංකනෙයි, සන්දිලිපේ සහ තෙල්ලිප්පලෙයි ප්‍රදේශීය
ලේකම් කොට්ඨාශවල අතුරුදහන් වූවන්ගේ සහ සහ අතුරුදහන්
කරවන ලද අයගේ පවුල් සමග සාකච්ඡාව.

පෙ.ව. 10.45 – ප. ව. 12.15: කෝපෙයි, චාවකච්චේරි, කරවේඩ්ඩි, පේදුරු තුඩුව සහ
මරුතංකේනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල අතුරුදහන්
වූවන්ගේ සහ සහ අතුරුදහන් කරවන ලද අයගේ පවුල් සමග
සාකච්ඡාව.
ප. ව. 12.15 – ප. ව. 12.45: මාධහ්‍ය හමුව
ප. ව. 12.45 – ප. ව. 01.45: සිවිල් සමාජ නියෝජිතයන් සමග සාකච්ඡාව

කිලිනොච්චි
දිනය : 15. 07. 2018
ස්ථානය : සමූපකාර මණ්ඩල ශාලාව
පෙ.ව. 09:30 – පෙ.ව. 11.30: අතුරුදහන් වූවන්ගේ සහ සහ අතුරුදහන් කරවන ලද අයගේ

පවුල් සමග සාකච්ඡාව

පෙ.ව. 11.45 – ප. ව. 12.45: සිවිල් සමාජ නියෝජිතයන් සමග සාකච්ඡාව
ප. ව. 01.00 – ප. ව. 01.30: මාධහ්‍ය හමුව

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොකු ලූණු හිඟය පිළිබඳව අවධානය

Mohamed Dilsad

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අගෝස්තු 06 සිට සැප්තැම්බර් 01 දක්වා

Mohamed Dilsad

Leave a Comment