ප්‍රමුඛ පුවත 1

දුම්රියේ වෙළඳාමේ සහ සිඟමනේ යෙදුණු 15ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – දුම්රිය තුළ අනවසර වෙළෙඳාම් කළ සහ සිඟමන් යැදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සතියක් තුළ කළ වැටලීම්වලදී ය.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන්ට එරෙහිව දුම්රිය ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ මගීන්ට කරදර කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇති බව ය.

දුම්රිය තුළ සහ දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් කිරීම සහ සිඟමන් යැදීම මෙම මස පළමු වන දා සිට සපුරා තහනම් ය.

ඒ පිළිබඳ පැමිණිලි ඇත්නම් 0112 33 66 14 අංකයෙන් දුම්රිය ආරක්ෂක හමුදා මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැකි ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති කෙන්යා ජනපති හමුවෙයි

Mohamed Dilsad

පාසල් අවට දුම්වැට් අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි කඩිනමින් – සුව ඇමති

Mohamed Dilsad

දේශපාලන වලිප්පුව හැදුනු අයට මේ රට විනාශ කිරීමට දිය නොහැකි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment