ප්‍රමුඛ පුවත 1

ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරූ අතුරු තහනම් නියෝගය තවදුරටත්

(UTV| කොළඹ) – චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම වළක්වමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ඇත.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර ඒ ලබන මස 25 වැනිදා දක්වායි.

පසුගියදා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා හා සිනමා නිෂ්පාදකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙතෙක් කලක් පැවති පෞද්ගලික සිනමා මණ්ඩල හරහා චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය ඉවත්කර එම සියලු බලතල ජාතික චිත්‍රපට සංස්ථාවට යළි පවරා ගැනීම පසුගිය ජුනි 18 වැනිදා සිදුවිය.

චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම සම්බන්ධයෙන් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසගෙන් විවිධ විරෝධතා නැගෙන්නට විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කැබිනට් ලේකම්වරයා රාජකාරි අරඹයි

Mohamed Dilsad

ඉරාන පාර්ලමේන්තු කතානායක මෙරට සංචාරයකට සුදානම්

Mohamed Dilsad

මිලියන10 ක වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයකට මුල්ගල තැබේ.

Mohamed Dilsad

Leave a Comment