ප්‍රමුඛ පුවත 1

ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරූ අතුරු තහනම් නියෝගය තවදුරටත්

(UTV| කොළඹ) – චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම වළක්වමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ඇත.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර ඒ ලබන මස 25 වැනිදා දක්වායි.

පසුගියදා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා හා සිනමා නිෂ්පාදකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙතෙක් කලක් පැවති පෞද්ගලික සිනමා මණ්ඩල හරහා චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය ඉවත්කර එම සියලු බලතල ජාතික චිත්‍රපට සංස්ථාවට යළි පවරා ගැනීම පසුගිය ජුනි 18 වැනිදා සිදුවිය.

චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම සම්බන්ධයෙන් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසගෙන් විවිධ විරෝධතා නැගෙන්නට විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල්ගහවෙල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

සජිත්ගෙන් හෙට විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය පිලිබඳ කලාපීය සමුළුවක්

Mohamed Dilsad

Leave a Comment