ප්‍රමුඛ පුවත 1

ප්‍රියානි ජයසිංහ ඝාතනයේ සුලමුල හෙළි වෙයි

(UTV| කොළඹ) –  ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බධයෙන් ඇගේ සැමියා සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රී 8.45 ට පමණ තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරත ගැටුම් පැවති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පානදුර කුඩාඅරුක්ගොඩ, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියානි මහත්මිය දෙදරු මවකි.

ඝාතනයට ලක්වන විට ඇය 51 වැනි වියේ පසුවිය.

ප්‍රියානි ජයසිංහ මහත්මිය ගැයූ සුන්දර හදකට දී පෙම්වරම්, කඳුල නිවන්නම් හිත නොරිදනවා නම් වැනි ගීත මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රොයිස් ප්‍රනාන්දු ලබන මස තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – ජෝර්ජියා නායක හමුව

Mohamed Dilsad

වෙඩි තබා ඝාතනයකර තිබු පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment