විදෙස්

චීනයෙන් ඇමෙරිකාවට චෝදනාවක්

(UTV| කොළඹ) – ඇමෙරිකාවට චීනය දැඩි චෝදනාවක් එල්ල කර තිබේ.

ඒ ආර්ථික ඉතිහාසයේ විශාලතම වෙළඳ යුද්ධය ආරම්භ කර ඇති බවටයි.

චීනය එසේ චෝදනා කර ඇත්තේ අපනයන සඳහා ඇමෙරිකාව ඩොලර් බිලියන 10ක ද්විත්ව බදු පැනවීම හේතුවෙනි.

සිය නිෂ්පාදන සඳහා තව දුරටත් බදු පනවන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කිරීමත් සමගින් තමන් ද ඊට ප්‍රතිචාරදැක්වීමට සූදානම් බව චීනය පවසා ඇත.

චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් තමන් ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කර ඇති බව ය.

කෙසේ වෙතත් කාර්මික යන්ත්‍රෝපකරණ, වෛද්‍ය උපාංග, වාහන අමතර කොටස් ඇතුළු 800 කට වැඩි චීන නිෂ්පාදන සඳහා ට්‍රම්ප් පරිපාලනය පැනවූ 25%ක තීරුබද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තය අද සිට වසා දමයි

Mohamed Dilsad

කැලිෆෝනියා ලැව් ගින්න තවත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

වඳුරු උණ අවධානම තව දුරටත්.

Editor O

Leave a Comment