ප්‍රමුඛ පුවත 1

සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ

(UTV| කොළඹ) – මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු පසුගියදා නාවික හමුදාව විසින් බේරා ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මඟින් ගාලු ප්‍රදීපාගාරයේ සීට නාවික සැතපුම් 115 ක් පමණ දුරින් මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු සහිත යාත්‍රාවක් බේරා ගැනීමට සමත් විය.

සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු සමඟින් ධීවර යාත්‍රාවක් මුහුදේ අතරමංව සිටින බවත්, ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම්දීමකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වු ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාව ජුලි 04 දින පස්වරු 05.20 ට පමණ නාවික වෛද්‍ය සහායක කණ්ඩායමක් සමඟ අනතුරට පත් සෝමාලියානු ධීවර යාත්‍රාව සහ ධීවරයින් බේරා ගැනීම සඳහා පිටත් විය.

ඊයේ (ජුලි 05) දින අනතුරටපත් ධීවර යාත්‍රාව වෙත ලඟා වූ  ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව එහි සිටි අසාධ්‍ය තත්ත්වයේ පසු වු ධීවරයින් හට නාවික හමුදා වෛද්‍ය සහායක කණ්ඩායම මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලද අතර, පස්වරු 03.45 ට පමණ ආරක්ෂාකාරී ලෙස ගාලු වරාය පරිශ්‍රය වෙත රැගෙනආ ධීවරයින් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ගාල්ල පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පෙ.ව.10.00ට ඉවත් කෙරේ

Mohamed Dilsad

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment