ප්‍රමුඛ පුවත 1

ගුවන් මගීන් අපහසුතාවයට පත්වන ලෙස කටයුතු කරන්නේ නෑ- නියෝජ්‍ය පාලක ( ආගමන හා විගමන)

(UTV| කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගීන් පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුන්ටර්වල ප්‍රමාණවත් නිලධාරීන් නොසිටින බවට සමජ මාධ්‍ය මඟින් පළ කොට ඇති වාර්තා බැහැර කරන බවත් කිසිම අවස්ථාවක මඟීන් අපහසුතාවයට පත්වන අයුරින් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසිය.

මගීන් පැමිණීමේ අංශයේ කවුන්ටර්වල සේවය කරන නිලධාරීන් නොමැති බවට සමාජ මාධ්‍යවල පළ වු වාර්තවක් සම්බන්ධයෙන් රජයේ නිලපුවත් වෙබ් අඩවිය කරුණු විමසීමේ දී නියෝජ්‍ය පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ ය.

ගුවන් යානා කීපයකින් එකවර මඟීන් පැමිණීමේ දී කිසියම් තදබදයක් ඇති වන බවත්, පවතින තත්ත්වයට සරිලන ලෙස අවශ්‍ය නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් චමින්ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සබරගමුවේ පාසැල් කිහිපයක් වසා දැමේ

Mohamed Dilsad

ඉදිරි පැය 24ත් කාලගුණය අයහපත්

Mohamed Dilsad

වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment