ප්‍රමුඛ පුවත 1

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

(උදයම්,කොළඹ) – මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී බොහෝදුරට නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
රජය විසින් කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරය සමග ශ්‍රී ලංකාවේ සබදතා තහවුරු කිරීමට කටයුතු කළ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.
මහනුවර – දොඩංවල පාලම විවෘත කිරීමේ උත්සවයට අද (06) පෙරවරුවේ සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේය.
ගෙවුණු කාලසීමාව තුළ රට හමුවේ තිබූ අභියෝග සහ බාධාවන් ඉවත් කර ගැනීමට හැකිවූ බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

පළාත් කීපයකට පස්වරුවේ වැසි…

Mohamed Dilsad

ලුතිනන් කර්නල් එරන්ද පිරිස් CID අත්අඩංගුවට

Mohamed Dilsad

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

Leave a Comment