විදෙස්

තායිලන්තයේ සිසුන් පිරිසක් සහ ගුරුවරයෙකු ගුහාවක සිර වෙයි

(UTV|තායිලන්තය) – උතුරු තායිලන්තයේ ගුහාවක සිර වී සිටින සිසුන් 12 දෙනෙක් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සෙවීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බව වාර්තාවේ.

ඔවුන් පසුගිය සෙනසුරාදා ගුහාවට ඇතුළු වූ අතර එතැන් සිට ඔවුන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබුණි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමයින් දොළොස්දෙනෙකු  සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරුයි. 

තායිලන්ත නාවික හමුදා කිමිදුම්කරුවන් ඔවුන් සොයා සෝදිසි කිරීම් ආරම්භ කල අතර එම ගුහාව ජලයෙන් යට වීමත් සමඟ එම මෙහයුම් නතර කිරීමට සිදුව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට එම ගුහාව තුළට ඇතුළුවීමට හැකි තවත් මාර්ගයක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු කොරියානු නායකයා රුසියානු ප්‍රධානීන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

සිම්බාබ්වේ නව කැබිනට් මණ්ඩලය පත් කරයි

Mohamed Dilsad

ඉන්දීය රෝහලක ගින්නකින් 8දෙනෙක්කු මරුට .

Mohamed Dilsad

Leave a Comment