ප්‍රමුඛ පුවත 1

ගාලු පාරේ බස් වර්ජනය දිග් ගැස්සෙන ලකුණු

(UTV| කොළඹ) – දකුණේ සිට කොළඹ බලා පැමිණෙන සියලූ දුර ගමන් සේවා බස් රථ ආරම්භ කළ වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක වේ.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ අද (25) උදෑසන සිටය.

ලංගම බස් රථ පමණක් මේ වනවිට ධාවනය වුවත් එම බස් රථවලට පහරදීම් වාර්තා වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

නමුත් බස් සංගම් චෝදනා කරන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික කි‍්‍රයාකිරීම හේතුවෙන් මෙම ගැටලූව මතුවී ඇති බවයි.

වර්ජනයේ නිරත බස් රථ සේවකයින්ට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වන විට අනතුරු ඇවීමක් ද සිදු කර තිබේ.

ඒ ධාවනයට එක් නොවන බස් රථවල බලපත්‍ර හෙට(26) සිට අවලංගු කිරීමට කටයුතු කරන බවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කෙරේ

Mohamed Dilsad

ජාතික වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඇල්පිටිය ඡන්ද විමසීම අවසන් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment