ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියාවේදී අගමැතිට ආචාර උපාදියක්

(උදයම්,ඔස්ට්‍රේලියාව)  –  ඕස්ට්‍රේලියාවේ  සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට ඩෙයිකින් විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර උපාධියක් පිරිනමයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා ධුත පිරිස ඊයේ(13)  මෙල්බර්න් නුවරට පැමිණියහ.

අද (14)  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආචාර උපාධිය පිරිනැමුණේ ගීලොන් හි පැවැති ඩෙයිකින් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදීය.

ප්‍රචණ්ඩ ගැටුම්කාරී වාතාවරණයක් පැවති ශ්‍රී ලංකාව, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් කරා පරිවර්තනය කිරීම සඳහා ඉටු කළ මෙහෙවර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආචාරය උපාධියක් පිරිනැමීමේදී සලකා බැලූ බව එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි.

විශේෂයෙන් සංහිදියාවක අවශ්‍යතාව අවධාරණය කිරීම සහ වගවීම සහතික කිරීම තුළින් විවිධ කණ්ඩායම් පොදු මාවතකට යොමු කිරීමට ඔහු කටයුතු කර ඇති බව ඩෙයිකින් විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු කියා සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/Dr-Ranil-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/Dr-Ranil-1.jpg”]

Related posts

වෙඩි තබා ඝාතනයකර තිබු පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි වෙයි

Mohamed Dilsad

අතහැර දමා ඇති ඉඩම්වලින් අද සිට බද්දක් අය කිරීමට

Mohamed Dilsad

මන්ත්‍රී මහින්දානන්දගේ නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment