ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියාවේදී අගමැතිට ආචාර උපාදියක්

(උදයම්,ඔස්ට්‍රේලියාව)  –  ඕස්ට්‍රේලියාවේ  සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට ඩෙයිකින් විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර උපාධියක් පිරිනමයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා ධුත පිරිස ඊයේ(13)  මෙල්බර්න් නුවරට පැමිණියහ.

අද (14)  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආචාර උපාධිය පිරිනැමුණේ ගීලොන් හි පැවැති ඩෙයිකින් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදීය.

ප්‍රචණ්ඩ ගැටුම්කාරී වාතාවරණයක් පැවති ශ්‍රී ලංකාව, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් කරා පරිවර්තනය කිරීම සඳහා ඉටු කළ මෙහෙවර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආචාරය උපාධියක් පිරිනැමීමේදී සලකා බැලූ බව එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි.

විශේෂයෙන් සංහිදියාවක අවශ්‍යතාව අවධාරණය කිරීම සහ වගවීම සහතික කිරීම තුළින් විවිධ කණ්ඩායම් පොදු මාවතකට යොමු කිරීමට ඔහු කටයුතු කර ඇති බව ඩෙයිකින් විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු කියා සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/Dr-Ranil-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/Dr-Ranil-1.jpg”]

Related posts

ගනේමුල්ලේ අඹුසැමි යුවළක් ඝාතනයට

Mohamed Dilsad

සැත්කම් සදහා අවයව ප්‍රවාහනය ගුවනින්…

Mohamed Dilsad

අද මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment