ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4ට උසස්වීම්

(උදයම්,කොළඹ)  – ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු  සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.

සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට ඔවුන් අදාළ තනතුරු සඳහා උසස් කර ඇත.

මේ අනුව  ඇමති ආරක්ෂක කොට්ඨාශයේ යු.පි.සෙනෙවිරත්න, කොළඹ උතුර කොට්ඨාශයේ එච්.ජි.ඩි.එස්.අමරසිංහ, ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඒ.ජේ.ගුණසේකර සහ නුගේගොඩ කොට්ඨාශයේ ඩබ්ලිව්.එච්.බණ්ඩාර යන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related posts

ධීවර ජනතාවට කාළගුණයෙන් අනතුරු අගවයි…

Mohamed Dilsad

මුදල් ඇමති ධූරය සම්බන්ධයෙන් මංගල පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment