ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4ට උසස්වීම්

(උදයම්,කොළඹ)  – ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු  සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.

සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට ඔවුන් අදාළ තනතුරු සඳහා උසස් කර ඇත.

මේ අනුව  ඇමති ආරක්ෂක කොට්ඨාශයේ යු.පි.සෙනෙවිරත්න, කොළඹ උතුර කොට්ඨාශයේ එච්.ජි.ඩි.එස්.අමරසිංහ, ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඒ.ජේ.ගුණසේකර සහ නුගේගොඩ කොට්ඨාශයේ ඩබ්ලිව්.එච්.බණ්ඩාර යන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම ගැසට් පත්‍රය නිකුත් වෙයි.

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය සඳහා සුදුසු රනිල් – එස්.බී. දිසානායක [VIDEO]

Mohamed Dilsad

හංවැල්ල වෙඩි තැබීමේදී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වෙයි

Mohamed Dilsad

Leave a Comment