කලාප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සුභාවිත සංගීත කලාවක හෙට දවස උදෙසා තම නිර්මාණ දායකත්වය සපයන නිර්මාණාත්මක සංගීත ශිල්පීන් රාජ්‍ය මට්ටමින් අගය කිරීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය විසින් රාජ්‍ය සංගීත සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එය මෙවර පැවැත්වුණේ 06 වන වරටය.

සංගීත ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරන ලද සේවය අගයමින් කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලයේ සභාපති සමන්ත හේරත් යන මහත්වරුන් ඇතුළු විද්වතුන් සහ කලාකරුවෝ රැසක් මීට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධිවේගී මාර්ගයේ ඉංජිනේරුවන් ඉවත් වීමට සුදානම්

Mohamed Dilsad

රඟපෑම් යළි ඇරඹේ

Mohamed Dilsad

වර්ෂාපතනය සහ සුලං නිසා නිවාස 30 පමණ හානි

Mohamed Dilsad

Leave a Comment