ප්‍රමුඛ පුවත 1

මාතරදී කොල්ලකරුවන් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක්

(UTV| කොළඹ) – මාතර පිහිටි පෞද්ගලික රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන් කිහිප දෙනෙකු හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

අද පෙරවරු 10.00ට පමණ සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාරතර රෝහලට ඇතුළත් කර තිබේ.

එක් පොලිස් නිලධාරියෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තාවේ.

තවත් කාන්තාවක හා පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

කොල්ලකෑම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් හා ස්වයංක්‍රීය ගිනි අවියක් මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරු විදුහල්පතිවරු වර්ජනය නිසා පාසැල් කටයුතු අඩාල වෙයිද?

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු පිරිස ලබන යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment