ප්‍රමුඛ පුවත 1

81 වැනි උදාගම්මානය අද ජනපති සුරතින් ජනතා අයිතියට

(UTV|කුරුණෑගල) – නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 81වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර “වෙහෙරපුර”  අද (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරීමට නියමිතය.

මෙහි මුළු නිවාස ගණන 32කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“වෙහෙරපුර”  ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 6.67කි. සෑම නිවසකටම පර්චස් 20බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාදුනන මළ සිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

අගමැතිට බහුතරයක් නොමැති බවට යෝජනාවක් සම්මත කර ගන්න. ජනපති TNAට කියයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment