ප්‍රමුඛ පුවත 1

81 වැනි උදාගම්මානය අද ජනපති සුරතින් ජනතා අයිතියට

(UTV|කුරුණෑගල) – නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 81වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර “වෙහෙරපුර”  අද (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරීමට නියමිතය.

මෙහි මුළු නිවාස ගණන 32කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“වෙහෙරපුර”  ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 6.67කි. සෑම නිවසකටම පර්චස් 20බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 201 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ මිත්‍රශිලි වෙළෙඳ ගනුදෙනු සිදුවන වෙනවා -ඇමති රිෂාඩ්

Mohamed Dilsad

දුම්රිය මාර්ග යටවීමෙන් දුම්රිය වාර 3 ක් අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment