ප්‍රමුඛ පුවත 1

අල්ලස් ගත් පොලිස් ලොක්කා දැලේ

(උදයම්,ඇඹිලිපිටිය)  –  අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරියෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනේ.

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 18,000ක විදුලි බිලක් ගෙවා ඊට අදාළ රිසිට් පත ලබාදෙන ලෙස මෙම පොලිස්පැ නිලධාරියා පැමිණිලිකරුට දන්වා තිබේ.

ඒ අනුව  අදාළ පොලිස් නිලධාරියා, පැමිණිලිකරු සමඟ විදුලි බිල ගෙවීමට බැංකුව වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාය.

සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටින බවට ජවිපෙට චෝදනා [VIDEO]

Mohamed Dilsad

පෞද්ගලික මාධ්‍යවල පක්ෂාග්‍රාහීත්වය පිළිබඳ ඇතැමුන් නිහඩයි [VIDEO]

Mohamed Dilsad

රවීට CIDයෙන් නඩු

Mohamed Dilsad

Leave a Comment