ප්‍රමුඛ පුවත 1

සේවක වර්ජනය ජල සැපයුමට බාධාවක්ද?

(උදයම්,කොළඹ)   – තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක මහතා පවසයි.

මාතර, වැලිගම, කරගොඩ, උයන්ගොඩ සහ මිරිස්ස ආදී ප්‍රදේශවල ජල සැපයුම මේ වනවිට අඩාල වී ඇති බව රත්නායක මහතා කියා සිටියේ.

නමුත් අප කල විමසීමකදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. ඒ.අන්සාර් කියා සිටියේ සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී නොමැති බවය.

සේවා තත්ත්වය පහත හෙලීම සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය සහ කාර්මික නිළධාරින්ගේ සංගමය එක්ව පසුගිය 09 වැනිදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.

Related posts

අගමැති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

බේකරි නිශ්පාදන මිල සංශෝධනය පිලිබඳ තීරණය අදයි

Mohamed Dilsad

Leave a Comment