ප්‍රමුඛ පුවත 1

අගමැති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

(UTV| කොළඹ) – මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඞ් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ(09)  අරලියගහ මන්දිරයේදි පැවැත්වුණි.

මෙහිදී විශේෂයෙන්ම රට තුළ ඒකීයභාවය ආරක්ෂා කරගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා ප්‍රශංසාව පළ කර තිබේ.

එමෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනිම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බවයි ආග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මේ අතර මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ විජේරාමයේ පිහිටි නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද හමුවී සාකච්ඡා කර තිබුණි.

එහිදී ඔහු විපක්ෂ නායකවරයා හමුවේ පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කණගාටුව පළ කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවරයින් සහ යාත්‍රා 4 ක් ද කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යවරයා විපක්ෂ නායකවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට කෝප් කමිටුවේ දොර මාධ්‍යට ඇරෙයි

Mohamed Dilsad

සතියක් තුළදී පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත යවන්න -ඇමති උපදෙස්

Mohamed Dilsad

ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර නිල හමුව අද

Mohamed Dilsad

Leave a Comment