ප්‍රමුඛ පුවත 1

රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව දුන් අධිකරණ නියෝගය

(UTV| කොළඹ) – රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පාලන අධිකාරි ගොඩනැගිල්ල ඉදිරිපිට සිටින සිසුන්ට ඉන් ඉවත් වන ලෙස අධිකරණ නියෝග කරයි.

සිසුවියන් දෙදෙනෙකුට විනය පියවර ගැනීමට එරෙහිව රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියට අයත් ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළු වී එහි කටයුතුවලට බාධා කිරීම හේතුවෙනි.

මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමුණි.

මෙහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අදාළ පරිපාලන ගොඩනැගිල්ල තුළම රැදී සිටියේය.

ඒ අනුව අදාළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අධිකරණ නියෝගය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්නැයි උපදෙස්

Mohamed Dilsad

‘හොබ්ස් ඇන්ඩ් ෂෝ’ ප්‍රචාරක පටය එළිදකියි.

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment