ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 80ක රත්‍රන් රැගෙන ආ කාන්තාවක් අඩංගුවට

(UTV| කොළඹ) – රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ කාන්තාවක කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම රත්‍රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 80ට අධිකවේ.

අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කතක් එලෙස අත්තඩංගුවට ගත් බවයි නියෝජ්‍ය රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිණුවන්පිටිය මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 54ක් වන වරකාපොළ පදිංචිකාරියකි.

එම රන් ආභරණ තොගයේ බර ක්‍රිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 243ක් වන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර රේගු පරීක්ෂණ ක්‍රියාත්මක බව නියෝජ්‍ය රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව භාරකාර ආණ්ඩුව පත් කරන්න සුදානම්

Mohamed Dilsad

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය රැස්වේ

Mohamed Dilsad

Leave a Comment