ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මණ්ඩලය රැස්වේ

(UTV| කොළඹ) –  අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.

අද පෙරවරු 9.30 ට පමණ රැස්වීම ආරම්භ වූ අතර, එහිදී වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර තිබේ.

එහිදී මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ ඇතුළත් කර සැකසූ අවසන් වාර්තාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා අද ඉදිරිපත් කර ඇත.

මේ අනුව, එම විශ්වවිද්‍යාලයට මුදල් ලැබුණු ආකාරය මෙන්ම එහි ඉදිකිරීම් පිළිබද බරපතල ගැටළු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සෞදි රජය ද සම්බන්ධ කරගනිමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විමර්ශනයක් වහාම සිදුකළ යුතු බවට එම ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් නිර්දේශ කර තිබේ.

එම විමර්ශනය අවසන් වන තෙක් හදිසි නීතිය යටතේ අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබුණි.

මීට අමතරව දුම්රිය වෘත්තීය සමිති විසින් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව අද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද යාපනේදී

Mohamed Dilsad

පලා ගිය මුලතිව් රැඳවියන් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

Leave a Comment