ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් කොංග්‍රසයේ පුටු මාරු වෙයි

 

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂයේ නායකයා ලෙස 17 වන වරටත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පත් කෙරේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 27 වන නියෝජිත සමුළුවේ දෙවන සැසිවාරය ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.

එහිදී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය පසුගිය 11 වනදා රාත්‍රීයේ රැස්වී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර තිබේ.

ඒ අනුව පක්ෂයේ නායකයා ලෙස 17 වන වරටත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පත් කර ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේය.

සභාපති ධුරයේ කටයුතු කළ බසීර් සේගුදාවුද් මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහලේකම් ධුරයේ කටයුතු කළ හසන් අලී මහතා පත් කිරීමට යෝජනා කර තිබේ.

එහෙත් අදාළ යෝජනාව හසන් අලී මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩුව පවතින බව මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ සිතියම වසර 18 කට පසු අලුත් වෙයි

Mohamed Dilsad

අද සවස් කාලයේ ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි…

Mohamed Dilsad

වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment